රට බංකොලොත් කළ ඇමැති මණ්ඩලේ රනිල්ගේ ගුණ වයනවා..! – තිස්ස කුට්ටිආරච්චි…

August 18, 2024 at 9:02 am | by emanisa.lk

රට බංකොලොත්වන විට රටේ පෝලිම් ඇති වන විට කැබිනට් ඇමැති ධූර දැරුවේ පවිත්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලුත්ගමගේ, මහින්ද අමරවීර ඇතුළු පිරිස බව පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

එලෙස කැබිනට් ඇමැතිකම් දැරූ පිරිස රනිල් වික්‍රමසිංහ ළඟට ගොස් පෝළිම් යුගය අවසන් කළේ ඔබතුමා යැයි ප්‍රකාශ කරන බවයි, මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

පොහොර ප්‍රතිපත්තිය වෙනස් කොට එය සාර්ථක වූ විට මගේ යැයි කීම ද වැරදුණු විට මගේ නොවේ යැයි කීම ද මොන තරම් ලැජ්ජාවක් නැති වැඩක් දැයි තිස්ස කුට්ටිආරච්චි ප්‍රශ්න කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *