රට බංකොලොත් කළ අය අද වීරයෝ වෙලා…! – හිටපු මහ බැංකු අධිපති…

September 28, 2023 at 10:32 am | by emanisa.lk

රට බංකොලොත් යැයි ප්‍රකාශයට පත් කළ අය මේ රටේ වීරයින් වී ඇතැයි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තමන් බංකොලොත් යැයි කී විට කිසිවෙකු ඔහු සමග ගනුදෙනු නොකරන බවත් එසේ ම රට බංකොලොත් යැයි ප්‍රකාශයට පත්කිරීම නිසා රටට ගලා ඒමට නියමිතව තිබූ විශාල මුදලක් අහිමි වූ බවත්ය.

රටේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත් කොට වත්මන් පාලකයින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මිලියන 340ක් ලබා ගැනීමට සැලසුම් කළ ද තමන් රට බංකොලොත් නොකොට චීනයෙන් මිලියන 2500ක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටි බව ද අජිත් නිවාඩ් කබ්රාල් වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *