රට බංකොලොත් කළේ ආණ්ඩුව නොව මහා බැංකුවයි…! – රවී…

January 23, 2023 at 9:06 am | by emanisa.lk

රට බංකොලොත් වුණේ ආණ්ඩු නිසා නොව ශ්‍රී ලංකා මහා බැංකුව සහ එහි නිලධාරීන්ගේ ක්‍රියා කලාපය නිසා යැයි හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක පවසයි.

මහා බැංකුව කටයුතු කරන්නේ කිසිම ප්‍රායෝගික දැනුමකින් නොවේ යැයි ද මහා බැංකුව අද කරන්නේ ඒ අයගේ රාජකාරිය නොවේ යැයි ද කී රවී කරුණානායක, ඒ අය ආණ්ඩු කරන්න හදනවා යැයිද එතකොට ජන වරමෙන් පත් වුණු ආණ්ඩුව කරන්නේ මොකක්දැයි ප්‍රශ්න කළේය.

හිටපු මුදල් ඇමති රවී කරුණානායක, මේ බව කීවෙි ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ රජමල් වත්තේ සිය නිවසේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *