රට පුරා පාලනයක් නැතිව කොරෝනා පැතිරෙනවා….! ආසාදිතයින්ට නිවසේ නිරෝධායනයට ඉඩදෙන්න….! – PHI සංගමය….

January 24, 2021 at 10:53 am | by emanisa.lk

කොවිඩ් – 19 වෛරසය පාලනයකින් තොරව රට පුරා පැතිර යමින් පවතින බවත් බලධාරීන් තවදුරටත් සමාජ ව්‍යාප්තිය පිළිබඳ වචන හරඹයක එල්ලී නොසිට ජනතාවට මෙහි ඇති සැබෑ අවදානම අවබෝධ කර දී රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ජනතා සහාය ලබාගත යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

“මේ වන විට රෝගීන් දිස්ත්‍රික්ක 25ම වාර්තා වෙනවා. මේ දත්ත විශ්ලේෂණය කරලා බලලා සෞඛ්‍ය බලධාරීන් තව දුරටත් රටට සමාජගත වෙලා නෑ කියන වචන හරඹයක නොයෙදෙමින් මහ ජනතාවට සැබෑ තත්ත්වය අවබෝධ කරවලා දැනට රටේ පවතින අවදානම, කොවිඩ් 19 පාලනයකින් තොරව රටපුරා පැතිර යන ආකාරය පිළිබඳව සත්‍ය තොරතුරු මහ ජනතාවට ප්‍රකාශ කරලා, මේක වළක්වාගන්න සහයෝගය ලබාගැනීම තමයි යුතුකම කියලා අපි සලකන්නෙ.

ආසාදිත රෝග ලක්ෂණ නැති පුද්ගලයින් තව දුරටත් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා ගෙනිහිල්ලා ඒ පවුල් අපහසුතාවට පත්නොකර, ඔවුන් නිවෙස් තුළ නිරෝධායනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සහ ප්‍රතිපත්තිමය තීරණ ගන්න කියලාත් අපි ඉල්ලා සිටිනවා.”

උපුල් රෝහණ මේ බව පැවසුවේ ඊයේ (23) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස