රට පිළිබඳ ජාත්‍යන්තර විශ්වාසය ඉහළට… ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක්…!

January 22, 2025 at 6:18 pm | by emanisa.lk

ඉදිරි මාස තුන තුළ ඩොලර් මිලියන 200 ක ප්‍රධාන ව්‍යාපෘති තුනකට මූල්‍යකරණය කිරීමට සැලසුම් කර ඇති ලෝක බැංකුව පවසයි.

ලෝක බැංකුවේ දකුණු ආසියානු උප සභාපති මාටින් රයිසර් මහතා සිය දෙදින ශ්‍රී ලංකා සංචාරය අද (22) දින නිමා වූ අතර ඔහු සමග රජය පැවැත්වූ සාකච්ඡාවල දී මේ බව අනාවරණය විය.

රයිසර් මහතාගේ මෙම සංචාරයේදී අවධානය යොමු වූ ප්‍රධාන ක්ෂේත්‍ර අතරට දරිද්‍රතාව අඩු කිරීම, ඩිජිටල් සංවර්ධනය සහ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ද වෙයි.

මෙම ව්‍යාපෘති ග්‍රාමීය සංවර්ධනයට සහ අධ්‍යාපනයට සහාය වන අතර පුනර්ජනනීය බලශක්තිය සඳහා පෞද්ගලික ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පහසුකමක් ස්ථාපිත කරනු ඇත.

මාටින් රයිසර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය රාජ්‍ය නිලධාරීන් සහ ආයෝජකයන් පිරිසක් ද හමුවූ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ දිගුකාලීන වර්ධනය සඳහා රට දරන අඛණ්ඩ උත්සාහය ද අගය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *