ශ්‍රී ලංකාව සැබෑ දියුණු සමාජයක් බවට පත් කිරීමට නම් රාජ්‍යය සහ ආගම එකිනෙකින් වෙන් කළ යුතු බව ප්‍රවීණ ලේඛක හා සිවිල් ක්‍රියාකාරික ගාමිණී වියන්ගොඩ පවසයි.
ආගම පුද්ගලයෙකුගේ පෞද්ගලික විශ්වාසයක් හා අයිතිවාසිකමක් බැවින් එය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් වුවද රාජ්‍ය පාලනය ආගම මත පදනම් විය යුතු නැති බවද ඔහු පෙන්වා දෙයි.
ආගම සහ රාජ්‍ය පාලනය එකට මිශ්‍ර වූ විට නීතිය හා යුක්තිය විකෘති විය හැකි බව පෙන්වා දුන් ගාමිණි වියන්ගොඩ, මෙරට කතාබහට ලක්වන ‘System Change’ සැබෑ ලෙස ආරම්භ කළ යුත්තේ රාජ්‍යයෙන් ආගම ඈත් කිරීමෙන් බව අවධාරණය කරයි.
ඊට නිදසුනක් දක්වමින් ඔහු කියා සිටියේ, අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන් සම්බන්ධයෙන් මතුවූ සිදුවීමේදී අධිකරණ ක්‍රියාවලියට මුහුණ දී ඇප ලැබීමෙන් අනතුරුව ඊළඟ නඩු වාරය මාස හයකට පසුවට නියම වීම හරහා පවතින නීතිමය පද්ධතියේ පරස්පරතා මැනවින් පැහැදිලි වන බවයි.
කෘතියක් එළිදැක්වීමේ අවස්ථාවක අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළකළේය.