පසුගිය කාලයේ මෙරට ජනතාව මුහුණදුන් ගැටලු සඳහා විසඳුම් ක්‍රියාත්මක කරමින් රට යම් තත්ත්වයකට ගෙන ඒමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙන බව හිටපු ඇමැති, සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
ගෑස්, ආහාර, ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම වෙනුවෙන් රටේ ජනතාව මුහුණදුන් පීඩාකාරී තත්ත්වය අවම කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙන බව ජනතාව වුවද පිළිගන්නා බවත් හෙතෙම කීවේය.
පක්ෂ භේදයකින් තොරව, ජනාධිපතිවරයාගේ එම වැඩපිළිවෙළ අගය කළ ද තමන් කිසි විටෙකත් ආණ්ඩු පක්ෂයට ‘කරණම්’ නොගසන බවත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ තමන්ට ආගන්තුකයකු නොව තමාගේ පරණ පක්ෂයේ නායකයා බවත් රාජිත සේනාරත්න පැවසීය.
“අද බොහෝ දෙනා ආණ්ඩු පිහිටුවන්න යන්නේ මිනිසුන් මරාගෙනයි. මිනිසුන්ගේ මරණයෙන් වාසි අරගෙන අපි දේශපාලනය කරන්නේ නැහැ. එහෙම පිරිසකුත් අපි පසුගිය දිනවල දැක්කා. අරගලය විනාශ කළෙත් මේ අයයි. කොළඹ පැවති ඒකාබද්ධ විරෝධතාවත් විනාශ කළේ ඔය අන්තවාදී නැට්ටන් තමයි.
දේශපාලනය ගැන අත්දැකීම් නැති මේ වගේ පිරිස්වලට අවශ්‍ය මිනිසුන් මරාගෙන ඒ අයගේ දේශපාලන ඉලක්ක කරා යන්නටයි. මේ අයගෙන් රටේ අනාගතය සුරක්ෂිත කරන්නට සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් අවශ්‍යම වනවා.”