රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්න සූදානම්…! – නාමල්..

January 8, 2024 at 6:46 pm | by emanisa.lk

වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ යහපාලන ආණ්ඩුය හරහා රට භාරගෙන 2020 වසරේ රට ණය බරින් නිදහස් කරන බව කීව ද දැන් නැවත බලයට පැමිණ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ සෑම දේශපාලඥායෙක්ටම සුරංගනා කථා කීමට හැකි වුවද එය බිම් මට්ටමේ ක්‍රියාත්මක කළ එකම පක්‍ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවයි.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍යයට අදහස් දක්වමින් නාමල් රාජපක්‍ෂ අද (08) එසේ පැවසීය.

තරුණයෙක්ට දේශපාලන වශයෙන් ශක්තිමත් වීමට හොඳම අවස්ථාව මෙය යැයි තමන් විශ්වාස කරන බව කී නාමල් රාජපක්‍ෂ පක්‍ෂය සහ රට ගොඩනැගීමේ අභියෝගය ඕනෑම අවස්ථාව භාරගැනීමට සූදානම් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *