රට ගොඩනැඟීම සඳහා රනිල් වික්රමසිංහ හැර විකල්පයක් නොමැති බව එජාප උප නායක අකිල විරාජ් කාරියවසම් පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ගාමිණී දිසානායක, ලලිත් ඇතුලත්මුදලි පන්නයේ දේශපාලන පතාක යෝධයින් අතරින් දැනට ඉතිරිව ඇති එකම නායකයා රනිල් වික්රමසිංහ බවය.
එහෙයින් සියලු දෙනා එකතු වී ජනාධිපතිවරයාට සහයෝගය ලබා දිය යුතු බවත් මෙම අර්බුදය උඩුයටිකුරු කළ හැකි එකම නායකයා රනිල් වික්රමසිංහ බවත් අකිල විරාජ් අවධාරණය කළේය.
එජාප කොත්මලේ ආසන බල මණ්ඩලයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.