රට ගොඩගන්න ආණ්ඩුවේ හවුල් පක්ෂවලින් යෝජනාවලියක්…! යෝජනාවලිය ජනපතිට අගමැතිට භාර දී ප්‍රසිද්ධ කරන්න සූදානම්..!

January 27, 2022 at 8:46 am | by emanisa.lk

රට මුහුණ දී තිබෙන බරපතළ අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා වන යෝජනාවලියක් ආණ්ඩුවට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දහයක නායකයන් තීරණය කර ඇත.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (25) රාත්‍රියේ රැස්වී කල සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.

අදාළ යෝජනාවලිය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අද හෙට ම භාරදීමෙන් අනතුරුව ජනතාවගේ දැන ගැනීම සඳහා ප්‍රසිද්ධ කිරීමට ද පක්ෂ නායකයින් තීරණය කර ඇත .

රට මුහුණ දී ඇති බරපතළ අර්බුදය ජනතාවගෙන් වසන් නොකර සත්‍ය තත්ත්වය ගැන ජනතාව දැනුම්වත් කළ යුතු බව ද එහි දී පක්ෂ නායකයින් පෙන්වා දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි ද, ඇමැතිවරු වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර,පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන වීරසුමන වීරසිංහ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *