රට ගොඩගත හැකි එකම නායකයා රනිල්…! – ප්‍රසන්න අමරවීර…

January 7, 2023 at 5:35 pm | by emanisa.lk

වැටී තිබෙන රට ගොඩගත හැකි එක ම නායකයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න අමරවීර පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුව අමතමින් හෙතෙම මේ බව කීය.

“රට අභියෝගයකට මුහුණ දෙන අවස්ථාවේ එම අභියෝගය භාර ගත්තේ රනිල් මහත්තයා විතරයි.

අනික් අය සුරංගනා කතා කිව්වා. තවමත් ඒ අය සුරංගනා කතා කියනවා. ඒවාට ජනතාව රැවටෙන්නේ නෑ. ඒ නිසයි අපි රනිල් ජනාධිපතිතුමාට සහය දෙන්නේ.

අපි මැතිවරණවලට බය පක්ෂයක් නෙමෙයි. ඕනෑ වෙලාවක මැතිවරණයකට අපි ලෑස්තියි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *