“රට ම ගිනි තියපියව්” කී නළු නිළියන් 250ක් පසුපස CIDය පන්නයි…! මකා දැමූ පෝස්ට් නැවත ලබා ⁣ගනී…!

May 22, 2022 at 6:30 am | by emanisa.lk

පසුගිය 09 වැනිදා රට පුරා ඇතිවූ කලහකාරී සිදුවීම්වලට ජනතාව පොළඹවමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචණ්ඩ වෛරී ප්‍රකාශන පළ කළේ යැයි චෝදනා එල්ල වන නළු නිළියන් ගායක ගායිකාවන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල 225 දෙනකු සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.

එදින ඇති වූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් ජනතාව පෙළඹවූ සමාජජාල සටහන් ගැන ද වෙනම ම තාක්ෂණික විමර්ශනයක් අරඹා ඇත.

ඊට පසු දිනවල දී මකා දමන ලද සමාජ ජාල සටහන් පවා නැවත ලබාගැනීමේ ක්‍රමවේදයක් මගින් විමර්ශන ක‍්‍රියාත්මක කරමින් සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *