ලබන සතිය සඳහා කාර්යාල සේවයට පැමිණෙන දුම්රිය මගීන් එකොළොස් දහස් පන්සීයක් පමණ ලියාපදිංචි වී ඇති බව දුම්රිය වාණිජ අධිකාරී වජිර එස්. පොල්වත්තගේ පවසයි.
එ අනුව වැඩිම මගීන් ප්රමාණයක් ආසන වෙන් කරගෙන ඇත්තේ හෙට දිනයේ (18) සඳුදා වන අතර සෙසු සතියේ දිනවල ඊට අඩුවෙන් ආසන වෙන්කරවාගෙන ඇත. ප්රධාන දුම්රිය මාර්ගයේ 5500ක් ආසන වෙන්කරගෙන ඇත. එම මාර්ගයේ දුම්රිය අටකට වැඩි ප්රමාණයක් ධාවනයට යෙදවීමට නියමිතය. එම දුම්රිය මහව, මහනුවර, රඹුක්කන, පොල්ගහවෙල, වේයන්ගොඩ ආදී ස්ථානවලින් ගමන් ඇරඹීමට නියමිතය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ 4000ක්ද, කැලණිවැලි මාර්ගයේ 1200ක්ද, හලාවත මාර්ගයේ 800ක් වශයෙන් ආසන වෙන්කරවාගෙන ඇති බව පොල්වත්තගේ පැවසීය.