1994 එජාපය භාර දුන්නේ ණය නොමැති රටක් බව සමගි ජන බලවේග මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.
“පසුගිය වසර 74ක ආර්ථිකය සෘණ වුණේ අවස්ථා 3කයි. 1971 ශ්රීලනිප පාලනය. 2001 පොදුජන පෙරමුණු පාලනය හා 2021 පොදුජන පෙරමුණ පාලනයයි. රට වැටුණේ නම් වගකිව යුත්තේ ශ්රීලනිපයෙන් පැවත එන කණ්ඩායමයි.
1948-1994 යුගයේ කර්මාන්තපුර, අපනයන කලාප, ඇඟලුම් කර්මාන්ත, වැව්අමුණු, කෘෂිකර්මාන්තය දියුණු වුණා. 94න් රට භාරදෙන විට ණය සියල්ල ගෙව්වා. ජනතාවගේ ජීවන තත්ත්වය හොඳට ගියා.
94 සිට 2022 යුගය තෙක් අපේ ජනපතිවරයෙක් හිටියේ නෑ. රට කඩා වැටීමට පොදුජන පෙරමුණ කණ්ඩායම වගකිව යුතුයි.”
අයවැය විවාදයට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.