ඉදිරි සිව් වසර තුළ පාලම් 5000ක් ඉදිකිරීමටත් මේ වසර තුළ පාලම් 1000ක් ඉදිකර අවසන් කිරීමට කටයුතු කරන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය ඇමති නිමල් ලංසා පවසයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්රකාශනය යථාර්ථයක් කරමින් දිස්ත්‍රික්ක 25 තුළ ක්‍රියාත්මක වන ග්‍රාමීය පාලම් ව්‍යාපෘතියේ වර්තමාන ප්‍රගතිය පිළිබඳව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයේ පැවැති විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව පැවසීය.