රටේ සංචිතවලට වඩා පැහැර හැරී ණය වැඩියි… ඉතින් සුබ ද…! – ගෙවිඳු…

June 25, 2024 at 2:01 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව මේ වන විට ගෙවීම් පැහැර ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 5.8ක් බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති, සර්වජන බලය සන්ධානයේ විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.

මේ වන විට අප සතුව ඇති සමස්ත විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. බිලියන 5.4ක් බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එම සංචිතය තුළ ද චීනය මගින් ලබා දුන් අපට අවශ්‍ය ආකාරයට වියදම් කළ නොහැකි බිලියන 1.5ක තැන්පතුවක් ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කරයි.

මෙලෙස ගෙවීම් පැහැර හැර ඇති ණය ප්‍රමාණය රටේ සමස්ත සංචිතවලටත් වඩා වැඩි පසුබිමක එය සුබ තත්ත්වයක් දැයි ගෙවිඳු කුමාරතුංග ප්‍රශ්න කරයි.

අද (25) සර්වජන බලය මාධ්‍ය හමුව අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *