අද රටෙ ප්‍රශ්න කියන්න අහන්න කෙනෙක් නැති තත්ත්වයට රට පත්ව ඇතැයි නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුට්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කරති.
ඒ නිසා එංගලන්තයේ මහ රැජිනට මේ ප්‍රශ්න ගැන දැනුම්වත් කරන්නට තමන් වහන්සේ ඉදිරියේ දී කටයුතු කරන බව ද උන් වහන්සේ කීහ.
අද රටේ නුසුදුස්සන් ලොකු පුටුවලට පත් කර සුදුස්සන් පැත්තකට දමා ඇතැයිද කී එහිමියෝ රට ඉදිරියට යන්නට නම් පළමු කොටම පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ධුරයෙන් ඉවත් කළ යුතු බව ද පැවහූහ.
කොළඹ දී මාධ්‍ය අමතමින් එහිමියෝ මේ අදහස් පල කළහ.