පළාත් සභා ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක විය යුතු බව සමගි ජන බලවේගය පවසයි.
මුද්‍රිත මාධ්‍ය ආයතන කතුවරුන් සමග විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (6) පැවැති හමුවක දී සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ ය.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායකවරයා පැවැසුවේ දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ආරම්භ කළ පළාත් සභා ක්‍රමය ඉදිරියටත් ක්‍රියාත්මක කළ යුතු බවයි.
පළාත් සභාවල අඩුපාඩුකම් තිබුණත් එය කාර්යක්ෂම කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය. පළාත් සභා අකර්මණ්‍ය කිරීමට මධ්‍යම රජය මූල්‍ය කප්පාදු කිරීම ද වැරදි බව විපක්ෂ නායකවරයා අවධාරණය කර සිටියේය.
පළාත් සභා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේදී එක් ප්‍රකාශයක් ද ඉන්දියාවේ දී වෙනත් ප්‍රකාශ කිරීමෙන් ද වැළකිය යුතු බව ඔහු සඳහන් කළේය.