රටේ තෙල් අර්බුදයක් ඇති වුණේ ගම්මන්පිලගේ අපරිණත ප්‍රකාශ නිසයි..! – මහින්ද…

March 5, 2022 at 9:45 pm | by emanisa.lk

රටේ තෙල් හිඟයක් ඇති වූයේ අත්දැකීම් නොමැති පුද්ගලයින්ගේ අපරිණත ප්‍රකාශ නිසා බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

රටේ සැබවින් ම තෙල් අර්බුදයක් නොතිබූ බවත් අත්දැකීම් නොමැති අය තෙල් ඇත්තේ තවත් දවස් තුනටයි හතරටයි ආදී වශයෙන් සිදුකළ ප්‍රකාශ නිසා ගැටලුවක් මතු වූ බවත් හෙතෙම පවසයි.

මෙම ප්‍රකාශ නිසා භීතියට පත් ජනතාව තෙල් බහුල ලෙස ගබඩා කිරීම නිසා එම ගැටලුව ඇති වූ බවත් අද වන විට ජනාධිපතිතුමා එම තත්ත්වයට විසඳුම් ලබා දී ඇති අතර ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ඇති නොවන බවත් හෙතෙම සඳහන් කරයි.

මෙයට පෙර තමා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේ ඇතැම් අවස්ථාවල රටේ තෙල් තිබුණේ පැය 24කට පමණක් වුවත් එවැනි ජනතාව බියපත් කිරීම් සිදු නොවූ බවත් මේ අවස්ථාවේ පැවැතියේ වරායේ තිබූ නැවේ තෙල් ටික ගොඩබෑමේ පමාවක් පමණක් බවයි, අගමැති මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *