රටේ තියෙන වී හොඳට ම ඇති….! පිට රටින් වී ඇටයක් ගේන්න එපා…! – නාමල් කරුණාරත්න…

September 30, 2021 at 11:08 am | by emanisa.lk

මේ රටේ අවශ්‍ය තරම් වී තොග තිබියදී රටින් හාල් ඇටයක්වත් ගෙන ඒමේ අවශ්‍යතාවක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.

ගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව මාස 17කට රටේ අවශ්‍ය තරම් වී තොග පවතින බවට වාර්තා කර ඇතැයි ද එම වී තොග නිසි අධ්‍යනයක් කර සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ යාන්ත‍්‍රණයක් සකස් කළ යුතු බවද එසේ නොකර තිබෙන ඩොලර් සංචිත ද හාල් ගෙන ඒමට වැය කිරීම නිරපරාදේ ඩොලර් වැය කිරීමක් බව ද හෙතෙම කීය.

රටේ සහල් අවශ්‍යතාව වාර්ෂිකව මෙට්‍රික් ටොන් ලක්‍ෂ 36ක් බවත් බිත්තර වී වශයෙන් මෙට්‍රික් ටොන් 01ක් ගත්විට වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 37ක් බවත් නාමල් කරුණාරත්න කීය. 2020 වර්ෂයේදී වී නිෂ්පාදනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් පනස් ලක්‍ෂ තිස්හත්දහසක් (50,37,000) බවත් 2019 වර්ෂයේ දී වී මෙට්‍රික් ටොන් ලක්‍ෂ 10ක අතිරික්තයක් තිබූ බවත් ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස