රටේ ණය බව පිට රට සඟවා ඇති ධනයට සමානයි…! – පාඨලී….

January 18, 2023 at 7:31 am | by emanisa.lk

පසුගිය දශක දෙකක කාලය තුළ රටේ අපනයන ආදායමින් 7% ක් සඟවා ඇතැයි ද එසේ රටින් පිටමං කර ඇති ධනය රටේ සමස්ත ණය බරට සමාන යැයි ද හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

තේ,රබර්, පොල් වලට සීමා වී තිබෙන අපනයන ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ආ යුතු බව කී හිටපු අමාත්‍යරයා, අපනයන විවිධාංගීකරණය වඩාත් වේගවත් කිරීම සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සඳහන් කළේ ය.

1976 සිට අපනයන අභිමුඛ භාණ්ඩ නිෂ්පාදනයට රට යොමු වුව ද ලද ප්‍රගතිය පිළිබඳ සෑහිමකට පත්විය නොහැකි බවත් තවමත් අපනයන ඇඟළුම් සහ තේ, රබර්, පොල්වලට සීමා වී ඇති බවත් පාඨලී චම්පික වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *