රට යම් තරමක ආර්ථීක සමාජිය දියුණුවක් ඇති වෙමින් පවතින බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතලේ හුලංගමුවේ පිහිටි ජාතික ශිෂ්‍ය භට බලකායේ 13 වැනි බලඇණීයේ සහතික පත්‍ර ප්‍රදාන උත්සවකයට එක්වෙමිනි.
”වර්තමාන කාලයේ දි රට යම් තරමක ආර්ථීක සමාජිය දියුණුවක් ඇති වෙමින් පවතිනවා. එය කඩාකප්පල් කිරිම සඳහා ඇතැම් පිරිස් උත්සහ දරමින් සිටින බව අපි කියන්න කැමතියි.
වත්මන් ජනාධිපතිවරයා ආර්ථිකය ස්ථාවර කිරිමටත් රටේ ජනතාව මේ වන විට පත්ව ඇති පීඩාවන්ගෙන් මුදා ගැනිම සදහා විවිධ පියවර රැසක් සිදු කරමින් තියනවා.”