රටේ ආර්ථිකයට බරපතළයි…! ප්‍රතිකාර වේදනාකාරියි…!

July 25, 2022 at 5:52 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලබන කොන්දේසි ඉතා බැරෑරුම් වනු ඇති බව හිටපු මහ බැංකුව අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික ගැටලුවේ ගැඹුර හේතුවෙන් අර්බුදයට ප්‍රතිකාරය ද වේදනාකාරි වනු ඇති බවයි.

ශ්‍රී ලංකාව ආර්ථික අගාධයකට වැටීමට පෙර රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිසංස්කරණය, ඒවායේ වත්කම් ඉවත් කිරීම වැනි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි තීරණ ගැනීමට නව ජනාධිපතිවරයාට සිදුවනු ඇතැයිද හෙතෙම කියා සිටී.

එමෙන්ම මහ බැංකුවේ ස්වාධීනත්වය ස්ථාපිත කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අවශ්‍ය වන බව ද හෙතෙම පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම කටයුතු සිදුකිරීම සඳහා මහ බැංකු අධිපතිවරයා මහා භාණ්ඩාගාර ලේකම්වරයා ඇතුළු විශිෂ්ට කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු බව ද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *