රටට සුබයි රැලි මාලාවේ වේගය අඩු කරයි…. හෙමින් කරන තීන්දුවක් එයි…!

September 18, 2026 at 10:47 am | by emanisa.lk

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබූ රටට සුබයි ජනරැලි මාලාවේ කාල පරතරය දීර්ඝ කිරීමට රජය තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.

”අපි මුලින් අදහස් කළේ ඉතා කෙටි කාල පරාසයන් තුළ මෙම ජනරැලි පවත්වා අවසන් කිරීමටයි. නමුත් කාලසටහන සංශෝධනය කිරීමත් සමඟ ඇතැම් රැස්වීම් කලින් නියමිත දිනවලට වඩා පසු දිනවල පැවැත්වීමට ඉඩ තිබෙනවා.

කෙසේ වෙතත්, කලින් සැලසුම් කළ සියලුම රැලි අනිවාර්යයෙන්ම පවත්වනවා. සිදුවන්නේ ඒවා තදබද කාලසටහනකට අනුව එක දිගට නොපවත්වා, වැඩි කාල පරතරයක් සහිතව පැවැත්වීම පමණයි.”

මෙම රැස්වීම් මාලාව සඳහා අගමැතිනිය එකතු නොවීමත් පොළොන්නරුව ගොවි සමුළුව සඳහා කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත හෝ නි. ඇමති නාමල් කරුණාරත්න එකතු නොවීමත් කැපී පෙනිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *