රටට විදුලි ඒකකයක් එකතු නොකළ අය පන්දම් පෙළපාළි යනවා…! – අගමැති…

March 9, 2022 at 2:53 pm | by emanisa.lk

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකක්වත් එකතු නොකළ යහපාලන ආණ්ඩුවේ සිටි අය අද විදුලි කප්පාදුවට එරෙහිව පන්දම් පෙළපාළි යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

තමන් බලයේ සිටිය දී එක මෙගාවොට් එකක්වත් ජාතික විදුලිබල පද්ධතියට එකතු නොකළ බව ඔවුන්ට අද අමතක වී ඇති බව ද අගමැතිවරයා කීවේය.

අගමැති මහින්ද රාජපක්ෂ මේ බව පැවසුවේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ ඊයේ (8) පැවැති අන්තර්ජාතික කාන්තා දින සැමරුම් ජාතික උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිනි.

තමා නායකත්වය දැරූ ආණ්ඩුව 2015 දී පරාජයෙන් පසු ගෙදර ගියේ, අවුරුදු හතක් ඇතුළත නොරොච්චෝලේ ඇතුළු විදුලි බලාගාර ගණනාවක් ඉදි කිරීමෙන් පසුව බව ද අගමැතිවරයා එහිදී සිහිපත් කළේය.

අද තිබෙන දුෂ්කරතාව ඇති වීමට බලපෑ හේතු තේරුම්ගෙන, පක්ෂ භේදයක් නැතිව ඒ ගැන සිතා බලන ලෙසත්, මේ දුෂ්කර අවස්ථාවේ ඉවසීමෙන් වැඩ කරන ලෙසත් ඉල්ලා සිටින බව ද අගමැති මහින්ද රාජපක්ෂ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *