ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අද (22) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්ත වූ බවට පවුලේ ඥාතීන් සඳහන් කර ඇත.
අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වන වියේ පසු විය.
2015 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරන බවත් ඔහු පරාජය වුවහොත් ප්‍රසිද්ධියේ හිසට වෙඩි තබා ගන්නා බව චන්ද්‍රසිරි බණ්ඩාර ප්‍රකාශ කළේය. කෙසේ වුව ද එම අනාවැකිය වැරදිණි.