රටට මුදල් ඉතිරි කරන්න හමුදා කඳවුරුවල කරන්ට් කපයි…!

July 19, 2026 at 11:13 am | by emanisa.lk

දිවයින පුරා පිහිටි හමුදා කඳවුරුවල පසුගිය මාස දෙකක් තිස්සේ දින පතා පැය දෙකක් විදුලිය විසන්ධි කරන බව වාර්තා වෙයි.

හමුදාවේ ඉහළම නියෝගයක් අනුව මෙය සිදුකරනු ලබන්නේ මුදල් ඉතිරි කිරීම සඳහා බව ප්‍රකාශ කරමිනි.

දහවල් කාලයේ පැයක්ද රාත්‍රී කාලයේ පැයක්ද මේ ආකාරයට විදුලිය විසන්ධි කිරීම නිසා හමුදා සෙබළුන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

මීට පෙර කිසිදු අවස්ථාවක හමුදා කඳවුරු සඳහා විදුලිය විසන්ධි නොකළ අතර ප්‍රධාන පද්ධතියට අමතරව විකල්ප ක්‍රම ඔස්සේද හමුදා කඳවුරු වෙත අඛණ්ඩව විදුලිය සැපයිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *