රටට පදක්කම් ගෙනා ක්‍රීඩකයින්ට දහසින් බැඳි පියලි…! ක්‍රීඩකයින්ට සහ පුහුණුකරුට ලක්ෂ 865ක්…!

September 2, 2021 at 11:26 am | by emanisa.lk

ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් එදිරිසූරිය පවසයි.

මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක පිරිනැමීමට ද තීරණය කර ඇතැයි කී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඔවුන්ගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (16500000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර ඇතැයි සඳහන් කළේය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *