තෙල් ලබා ගත නොහැකි නිසා ගුවන් සමාගම් 15කට අයත් යානා ලංකාවට පැමිණීම නවතා දමා ඇතැයි වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පවසයි.
මේ නිසා සතියකට ගුවන් යානා 56ක් ලංකාවට පැමිණීම අවලංගු කර ඇතැයි ඔහු පෙන්වා දෙයි.
රටට ඩොලර් ගෙන එන මාර්ග වසමින් ආණ්ඩුව රට තව දුරටත් අගාධයට ඇද දමමින් ඇතැයි ද වසන්ත සමරසිංහ චෝදනා කරයි.
මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු අද (17) කියා සිටියේ වහා ම පාර්ලිමේන්තුව විසිරුවා ජන මතයට ඉඩ ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටියේ ආණ්ඩුවට මෙම අර්බුදය සඳහා විසඳුම් නොමැති නිසා බවයි.