විදේශගත ශ්රී ලාංකිකයන් මෙරටට එවන මුදල් ප්රමාණය ඉකුත් වසරේ ඔක්තෝබර් මසට සාපේක්ෂව මෙම වසරේ ඔක්තෝබර් මාසයේ දී ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශ කරයි.
පසුගිය වසරේ ඔක්තෝබර් මස විදේශගත ශ්රී ලාංකිකයන්ගෙන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 317.4 ක මුදලක් ඒවා ඇති අතර මෙම වසරේ ඔක්තෝබර් මස එය ඇමෙරිකානු ඩොලර් මිලියන 355.4 ක් දක්වා වැඩි වී ඇත.
විපක්ෂයේ ඇතැම් දේශපාලකයින් රටට ඩොලර් නොඑවන ලෙස ඉල්ලා සිටින පසුබිමක මෙම ඉහළ යෑම සිදුවීම විශේෂත්වයකි.