රටට කොරෝනා බෝ කරන කුමන්ත්‍රණයක්! කොන්ත්‍රාත්තුව භාරගත්තේ පෙරටුගාමීන්? රට පුරා උද්ඝෝෂණ සංවිධානය කරන්නේ ඒකයි! – චන්න

June 13, 2020 at 1:14 pm | by emanisa.lk

රට තුළ පවතින උද්ඝෝෂණ රැල්ල පසුපස සිටින්නේ විජාතික බලවේගවල මුදලින් යැපෙන කුඩා කණ්ඩායම් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක, මහාචාර්ය චන්න ජයසුමන චෝදනා කරයි.

“මේ උද්ඝෝෂණ රැල්ල පිටිපස්සෙ ඉන්නෙම රටට විරුද්ධ, විජාතික බලවේගවල මුදල්වලින් මෙහෙයවන කුඩා කණ්ඩායම් කිහිපයක්. අපි දැක්කා පෙරටුගාමී සමාජවාදී පක්ෂය මොන ආකාරයටද බටහිර තානාපති කාර්යාලත් එක්ක සම්බන්ධකම් තියෙන්නෙ කියලා.

ඔය කියන කුමාර් ගුණරත්නම් කියන පුද්ගලයා පහුගිය අවුරුදු 25ක කාලය තුළ මේ රටට විරුද්ධව, ජාතියට විරුද්ධව, අපෙ රටේ සංස්කෘතියට විරුද්ධව විවිධාකාර මහා නොපනත්කම් කරපු පුද්ගලයෙක්. නවක වදය ලංකාවෙ විශ්වවිද්‍යාල තුළ පවත්වාගෙන යාම සඳහා පහුගිය අවුරුදු 30ක කාලයෙදි වගකිවයුතු ප්‍රධානම පුද්ගලයා තමයි කුමාර් ගුණරත්නම් කියන්නෙ.

මේ අවස්ථාවෙදි මොවුන්ට ඉවසා දරාගන්න බෑ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙ නායකත්වයෙන් සාර්ථකව මේ රට ඉදිරියට ගෙනයාම.

මොවුන් මුල්වෙලා විදේශයකින් කොරෝනා රෝගීන් කීපදෙනෙක් ලංකාවට ගෙනල්ලා කොරෝනා පැතිරවීමේ කුමන්ත්‍රණයක් තියෙනවාද කියලාත් අපට සැකයක් තියෙනවා”

මහාචාර්ය චන්න ජයසුමන මේ බව පැවසුවේ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *