ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇත්තේ මිනී මරන හිට්ලර් පන්නයේ පාලනයක් නොව ජනතාව ජීවත් කරවන පාලනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“නෙල්සන් මැන්ඩෙලා, මහත්මා ගාන්ධි වැනි නායකයින් ලෝකයට පාඩම් උගන්නලා තිබෙනවා.
ඒ නිසා මිත්‍රවරුනි, අපේ රටට අවශ්‍ය මිනීමරණ හිට්ලර් පාලනයක් නොවෙයි. අපේ රටට අවශ්‍ය ඝාතක සංස්කෘතියක් නොවෙයි.
මරන එක නොවෙයි අද කරන්නට තියෙන්නේ, අද අප කළ යුත්තේ මිනිසුන් ජීවත් කරවීමයි.”
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව පැවසුවේ ඊයේ (15) සෙල්ල කතරගම කරවිලේ ප්‍රදේශයේ සහල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනකට එක්වෙමිනි.