රජිව්ට බොරු චෝදනා කර බිංගත වූ අසිත වාදපිටියෙන් මතුවෙයි… චෝදනාව ගැන සංඛ අහද්දි ජාමේ බේරගෙන මාරුවෙයි…!

September 2, 2026 at 11:46 am | by emanisa.lk

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජිව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පසුගියදා පාර්ලිමේන්තුවේදී දැඩි චෝදනාවක් කළේය.

ඒ, සමගි ජන බලවේගයේ බස්නාහිර පළාත් මහ ඇමති ධුරයට තරඟ කිරීමට සජිත් ප්‍රේමදාස සමග ඇති කරගත් ගිවිසුමක් අනුව නීතිඥ සංගමයේ පොදු අභිලාෂ පාවාදෙමින් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව කටයුතු කරන බවටය.

රජිව් අමරසූරිය පසුව එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් අවධාරණය කළේ පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ සිදුකළ එම අභූත චෝදනාව පාර්ලිමේන්තුවෙන් පිටත සිදුකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එතැන සිට දීර්ඝ කාලයක් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකට සහභාගී නොවූ අසිත නිරෝෂණ ඊයේ (01)දෙරණ වාදපිටියට සහභාගී වූ අවස්ථාවේ එහි පූරක ලෙස කටයුතු කළ සංඛ අමරජිත් පෙර කී චෝදනාව ගැන ඍජුවම ප්‍රශ්න කළද ඔහු ඒ පිළිබඳ එකදු වචනයක් සඳහන් නොකර ප්‍රශ්නය මගහැර යෑමට පරිස්සම් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *