රාජ්‍ය ආයතන සතු වාහන ධාවනයේ දී කිලෝමීටරයක් සඳහා රුපියල් 300-500ක පමණ පිරිවැයක් දරන බව ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පවසයි.
මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මෙම තොරතුරු අනාවරණ වී තිබේ.
අදාළ පර්යේෂණ පත්‍රිකාව මඟින් පෙන්වා දී ඇත්තේ 2022 වසරේ සංඛ්‍යා ලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවයි. ඉන් වාහන 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත් වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතියි.
මෙම වාහනයක් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා ආසන්න වශයෙන් රුපියල් 300 – 500ත් අතර මුදලක් වියදම් වන අතර අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මඟින් ලබාගන්නේ නම් ඒ සඳහා වැය වන්නේ රුපියල් 100ක් හෝ ඊට අඩු මුදලකි.
ඒ අනුව, ක්‍රමානුකූලව රාජ්‍ය ආයතන සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රුපියල් බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරිකර ගත හැකි බව ද එහිදී අනාවරණ වී තිබේ.