රජයේ මුද්‍රණයේ අනුමත අතිකාල කෝටි 99යි.. බෙදාගත් අතිකාල කෝටි 151යි…!

June 8, 2024 at 7:18 pm | by emanisa.lk

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් අයවැය චක්‍රලේඛ විධිවිධාන උල්ලංඝනය කරමින් සමස්ත අතිකාල දීමනා හා වෙනත් දීමනා ගෙවීම් සඳහා ඉකුත් 2023 වර්ෂයේ දි අනුමත ප්‍රතිපාදන ඉක්මවා සියයට 60.39ක් වැඩියෙන් වියදම් කොට තිබේ.

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති විගණන වාර්තාවක මේ බව සඳහන් වෙයි.

රජයේ මුද්‍රණ දේපාර්තමේන්තුවේ සේවකයන් සඳහා ඉකුත් වර්ෂයේ සහ මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙක ද ඇතුළුව අතිකාල හා වෙනත් දීමනා ලෙස රුපියල් කෝටි 151කට අධික මුදලක් (1,591,076,895) ගෙවා තිබිණි. එහෙත් අයවැය මගින් ඒ සඳහා වෙන් කර තිබුණේ රුපියල් කෝටි 99ක (992,000,000) ප්‍රතිපාදන පමණි.

මෙම වර්ෂයේ ජනවාරි හා පෙබරවාරි මාස දෙක සඳහා අතිකාල හා වෙනත් දීමනා ලෙස රුපියල් කෝටි 13කට අධික මුදලක් (133,616,987) ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මුදල් අමාත්‍යංශය විසින් 2023 වර්ෂයේ ජනවාරි 27 වැනිදින නිකුත් කළ අයවැය චක්‍ර ලේඛය මගින් අතිකාල හා නිවාඩු දින වැටුප් සහ වෙනත් දීමනා සඳහා ප්‍රතිපාදන අවම වශයෙන් සියයට හයකින් අඩුකළ යුතු බවට අවධාරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *