රජයේ බදු ප්‍රතිපත්තියට මහ බැංකුවෙන් ම විරෝධයක්..! රජයේ නිලධාරීන්ගෙන් බදු විරෝධී සංවිධානයක්…!

January 20, 2023 at 8:25 am | by emanisa.lk

2023 ජනවාරි 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි හඳුන්වා දෙනු ලැබූ නව බදු ව්‍යූහයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අප්‍රසාදය පළ කර තිබේ.

මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවමින් පවසන්නේ නව බදු තන්ත්‍රය විවිධ පැතිවලින් දැඩි හානියක් සිදු කරනු ඇති බවය.

මහ බැංකු විධායක නිලධාරීන්ගේ සංගමය, භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන වෙත සිය විරෝධය ප්‍රකාශ කොට ලිපියක් යවා ඇති අතර එහි පිටපතක් මහ බැංකු අධිපතිවරයාට ද යොමු කර ඇත.

මේ අතර රජය විසින් ක්‍රියාත්මක කර ඇති අසාධාරණ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් ලංකා බැංකු සේවක සංගමය ද අද දහවල් කොටුව ලංකා බැංකු පරිශ්‍රයේ දී විරෝධතා රැස්වීමක් සංවිධානය කර තිබුණි.

මෙවැනි පසුබිමක රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, බැංකු නිලධාරීන්, විධායක නිලධාරීන්, ඉංජිනේරුවන් සහ රාජ්‍ය නිලධාරීන් ඒකාබද්ධව
”වෘත්තීයවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව” යන නමින් නව සංවිධානයක් පිහිටුවනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *