වැඩ තහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාලගේ දුරකතන වාර්තාවක් ලබා දෙන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම නියෝග කර තිබේ.
කාල්ටන් ස්පෝර්ට්ස් ආයතනයට රාජ්‍ය දේපොළ භාවිත කළේ යැයි 2016 වසරේ තමා අත්අඩංගුවට ගත් බවටත් අනතුරුව රාත්‍රී 7ට පමණ ධම්මික හේමපාල වෙත ඉදිරිපත් කළ බවටත් අගමැති කාර්යමණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ගොනු කළ පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේ ය.
එදින FCID නිලධාරීන් තමාට එරෙහිව චෝදනා ගොනු කරන විට මහේස්ත්‍රාත් මැදිරියේ දුරකතන රිසිවරය පැත්තකින් තබා තිබුණු බවත් අනතුරුව තීන්දුව ලබා දීමට පෙර වෙනත් පාර්ශ්වයක් සමග දුරකතන සංවාදයක නිරත වූ බවත් ඔහු සඳහන් කර තිබේ.
පසුව අනාවරණය වූයේ මෙම තීන්දුව ලබා දීමට පෙර එජාපයේ ප්‍රබල ඇමතිවරයෙකු වූ වජිර අබේවර්ධනගේ ඥාතියෙකු සමග මොහු දුරකතනය ඔස්සේ කතාකර ඇති බව ය.
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ නිවසේ දී එවක ඇමති රංජන් රාමනායක සමග සංවාදයක යෙදී සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් නිකුත් වූයේ ධම්මික හේමපාලගේ ය.