එක්සත් ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායකයා බව කියන රන්ජන් රාමනායක මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ජය ගත්ත ද ඔහුට මන්ත්‍රී ධුරයක් දැරීමට නොහැකි වනු ඇතැයි වාර්තා වේ.
ඒ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳිමින් සිටියදී ජනාධිපති සමාව ලැබ නිදහස් වුව ද ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසි කොට තිබීමය.
මැතිවරණ කොමිෂන් සභාව ඔහුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කර නැත්තේ නාම යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීමට අදාළ තාක්ෂණික කරුණුවලට ප්‍රජා අයිතිය යන කරුණ ඇතුළත් නොවන නිසාය.
ප්‍රජා අයිතිය අහෝසි වී ඇත රන්ජන් රාමනායක මහතාගේ නාම යෝජනාව අවලංගු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ ද එය ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත්තේ එය රිට් ආඥාවක් යටතේ ඉල්ලිය යුතු බව සඳහන් කරමින් මිස ඔහුට ප්‍රජා අයිතිය ඇති බව පිළිගනිමින් නොවේ.
මේ අතර රන්ජන් රාමනායක මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වසර දෙකක කාලයකින් අඩු කරන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායකට බාරදුන් ලිපියක් සමාජ මාධ්‍යවල පළ වී තිබූ අතර එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයාට යොමු කළ ලිපියක් වෙනත් පාර්ශ්ව අතට ගියේ කෙසේ දැයි විමර්ශනයක් කළ යුතු බවයි.