යෝජිත විදුලි බල පනතට එරෙහිව රට ම අඳුරේ තබනවා…! – විදුලි ඉන්ජිනේරු සංගමය…

June 8, 2022 at 3:33 pm | by emanisa.lk

විදුලි බල මණ්ඩලයේ විදුලි ඉන්ජිනේරු සංගමය යෝජිත විදුලි බල පනතට විරෝධය දක්වමින් රටම අඳුරේ තබන බවට අනතුරු අඟවා තිබේ.

මේ පිළිබඳව අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා සිය අදහස් දැක්වීය.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ රට Black Out කළොත් ඉන්ධන හා ගල් අඟුරු වෙනුවෙන් මුදල් සොයා ගැනීමට නොහැකි වනු ඇති බව ද රටට ගල් අඟුරු හා ඉන්ධන මිල දී ගැනීම වෙනුවෙන් ලෝකයේ කිසි ම රටක් ලංකාවට මුදල් ලබා ලබා නොදෙන බවය.

ආහාර හා ඖෂධ වෙනුවෙන් නම් ඇතැම් රටවල් මුදල් ලබා දෙන බවත් හෙතෙම පවසා ඇත.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය හරහා ඉන්ධන මිලදි ගැනීම සිදු කළත් මේ වන විට එම ණය යෝජනා ක්‍රමය අවසන් වෙමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව සමග තවත් ණය යෝජනා ක්‍රමයක් වෙනුවෙන් සාකච්ඡා කරමින් යන බවත් රට Black Out කළහොත් ණය ලබා ගැනීමට අපහසු වනු ඇති බවත් අග්‍රාමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇති බවට වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *