යොවුන් ලෝක කුසලානය ලංකාවට අහිමි වෙයි…!

November 21, 2023 at 5:45 pm | by emanisa.lk

2024 ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරයි.

ක්‍රික්බස් වෙබ් අඩවිය පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවය.

මේ සමග අදාළ ක්‍රිකට් තරඟාවලිය නිසා ලංකාවට පැමිණීමට නියමිතව පැවැති 1000කට අධික විදෙස් සංචාරකයින් පිරිසක් ද රටට අහිමි වෙයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ හමුවක් මේ වන විට අහමදාබාද්හිදී පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *