යූරියා නැව කොළඹ වරායට..! ගොවීන්ට හෙට සිට පොහොර…!

July 9, 2022 at 11:29 am | by emanisa.lk

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් පොහොර නෞකාව මීට ස්වල්ප මොහොතකට පෙර කොළඹ වරායට ළඟා වී ඇත.

එහි පොහොර තොගය ගොඩබෑම අද (09) සිදු කෙරෙන අතර හෙට (10) ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් කෘෂිකර්ම අමාත්‍යවරයාට බාර දීමට නියමිතය.

කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ හෙට සිට ම දිවයින පුරා මෙම පොහොර බෙදාහැරීම ආරම්භ කරන බවයි.

යූරියා පොහොර මිටියක් රු. 10 000ක මුදලකට ගොවීන්ට ලබා දීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *