මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (15) පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ දුමින්ද නාගමුව පසුගිය 08.12 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී ටිරාන් අලස් ජනතා විමුක්ති පෙරමුණ සමග යුරෝපයේ දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.
එහිදී ටිරාන් අලස් ප්‍රකාශ කර සිටියේ තමා සැම විටම තරාතිරම නොබලා නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට නියෝග දුන් බවත් මෙම සිද්ධියේදී ද එය එසේම ක්‍රියාත්මක වෙතැයි බලාපොරොත්තු වන බවයි.
විශේෂයෙන්ම මෙවැනි චෝදනාවන්හි සත්‍ය අසත්‍යතාව ජනතාව කඩිනමින් දැනගත යුතු බව ද ටිරාන් අලස් වැඩි දුරටත් පැවසීය.