යුද්දෙට ජයග්‍රාහකයෙක් නෑ කියන්නේ බයිලා… යුද්දෙන් අපි දිනුවා, කොටි පරාදයි…! – චන්න ජයසුමන…

May 19, 2026 at 4:56 pm | by emanisa.lk

යුද්ධයට ජයග්‍රාහකයන් නොමැති බවට සහ ඉතිරිවන්නේ දුක පමණක් බවට සිදුකරන කතා සියල්ල පුහු බයිලා බවල් යුද්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍යය ජයග්‍රහණය කර කොටි පරාජය වූ බවත් සර්වජන බලය උප සභාපති, ආචාර්ය චන්න ජයසුමන පවසයි.

ලොව ඕනෑම යුද්ධයක ජයග්‍රාහකයන් ඇති බවත් රණවිරුවන්ට උපහාර පුදමින් මැයි 18 සමරන්නේ එම ජයග්‍රහකය බවත් ඔහු අවධාරණය කරයි.

පරාජිතයන්ට සිය ඥාතීන් පෞද්ගලිකව සැමරිය හැකි වුවද ඒ සඳහා ප්‍රසිද්ධ සැමරුම් සඳහා ඉඩ නොමැති බවත් දෙවන ලෝක යුද්ධයෙන් පරාජය වූ නාසි හමුදාව සැමරීමට ලොව කිසිදු තැනක ඉඩ ලබා නොදෙන බවත් චන්න ජයසුමන ප්‍රකාශ කරයි.

වසර 2272කට පෙර බුදු දහම හඳුන්වා දුන් ඉන්දියානු ජාතික මිහිඳු හිමියන්ට අදත් සිංහලයා පොසොන් පොහෝ දින මිහින්තලාවට ගොස් කෘතගුණ දක්වන බවත් තවත් වසර 2000ක් ගියද රණවිරුවන්ට මේ රටේ ජනතාව කෘතගුණ සලකන බවත් ඔහු සඳහන් කරයි.

ඒ සඳහා නායකත්වය දුන් මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, සරත් ෆොන්සේකා මෙන්ම ඊට මතවාදීමය නායකත්වය ලබාදුන් ආචාර්ය නලින්ද සිල්වාද සදාතනික වීරයන් බවත් එම වීරයන්ගේ කතාව තම පුතාට කියාදෙන බවත් ආචාර්ය චන්න ජයසුමන වැඩි දුරටත් පෙන්වා දෙයි.

සර්වජන බලය සංවිධානය කළ රණවිරු සැමරුමට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *