රනිල් හොරෙක් නෙමෙයි…! එතුමාට සැලියුට් ගහන්න මට පුළුවන්…! – ෆොන්සේකා…

May 17, 2023 at 11:33 am | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ හොරෙකු නොවන බවත් තමා දේශපාලනයට ගෙන ආ එතුමාට සැලියුට් ගැසීමට තමන්ට මැලිකමක් නොමැති බවත් ෆීල්ඩ් මාර්ෂල් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා පවසයි.

මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව පැවසීය.

“පසුගිය නායකයන්ගේ කාලයේ ඒ ගොල්ලො ගැන මට කිසිම ගෞරවයක් තිබුණේ නැහැ. ඒ ගොල්ලන්ගේ චර්යාව, ඒ අය රටට කරපු හානිය අනුව මං තීරණය කරලා තිබ්බා ඒගොල්ලො සංවිධානය කරන රණවිරු සැමරුම් උත්සව විතරක් නොවෙයි ඒ අය සංවිධානය කරන කිසිම උත්සවයකට සහභාගී නොවෙන්න.

වර්තමාන ජනාධිපතිතුමා එක්ක මට දේශපාලන ගැටලු තිබුණට කලින් අය එක්ක තිබුණු විවේචනාත්මක කලකිරීම් වත්මන් නායකයත් එක්ක නැහැ. ඒ නිසා මේ පාර රණවිරු සැමරුම් උත්සවයට සහභාගී වෙන්න මම තීරණය කළා.

රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි මාව දේශපාලනයට ගෙනාවේ. එතුමා හොරෙක් කියලා මං කවදාවත් විශ්වාස කළේ නැහැ. ඒත් දුර්වලකම් තිබෙන බව කිව යුතුයි. රනිල් හොරෙක් නොවෙයි. මට හෘද සාක්ෂියට අනුව රනිල්ට සැලියුට් ගහන්න පුළුවන්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස