යුක්‍රේන්කාරයෝ යාල ගියා කියල අපි දන්නෙත් පත්තරෙන්…! – සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය..

January 4, 2021 at 9:13 pm | by emanisa.lk

යුක්‍රේන සංචාරකයින් පිරිසක් මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමට සහ යාල වනෝද්‍යානයට ගොස් ඇති බව තමන් දැනගත්තේ මාධ්‍ය ඔස්සේ බව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිනි කිමර්ලි ප්‍රනාන්දු පවසයි.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග වෙත ලිපියක් ලියමින් කිමර්ලි ප්‍රනාන්දු මේ බව දැනුම් දී තිබේ.

මෙම අත්තනෝමතික ක්‍රියාව මගින් අදාළ සංචාරක ඒජන්සි කොවීඩ් කාර්යසාධක බලකායේ දී ඇති කරගත් එකඟතා ද උල්ලංඝනය කර ඇති බව සභාපතිනිය පෙන්වා දෙයි.

මෙවැනි තත්ත්වයක් යළි ඇති නොවන තැනට ඇමැති ප්‍රසන්න රණතුංග බලධාරීන්ට උපදෙස් ලබා දී ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *