යුක්තිය කියලා බන්ධනාගාර පුරවලා මත් උවදුරු මඩින්න බෑ…! -පාඨලී…

April 23, 2024 at 5:13 pm | by emanisa.lk

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බවත්, බන්ධනාගාර ඇතුළත තත්ත්වය බෙහෙවින් නරක බවත්ය.

කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය පුනරුත්ථාපනය කිරීම පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *