දේශපාලන පක්ෂ “පක්ෂ අරමුදල” යනුවෙන් බෝඩ් ලෑලි අටවා ගෙන සතයක් බදු නොගෙවා සුඛෝපභෝගී ජීවිත ගතකරන සංස්කෘතිය වහා අවසන් කළ යුතු බව ව්‍යවසායක දිලිත් ජයවීර පවසයි.
එසේ ම සියලු දේශපාලන පක්ෂවල අරමුදල් ආදායම් බදු ගෙවීමට යටත් විය යුතු බවයි, ඔහු අවධාරණය කළේ.
රටේ ව්‍යාපාරිකයින් පමණක් නොව සාමාන්‍ය රැකියා කරන අය පවා බදු ගෙවමින් දුක් විඳින බව ද හෙතෙම කීය.
දේශපාලන පක්ෂ නායකයින් ද තමන්ට ආදායම් ලැබෙන ආකාරය හෙළිදරව් කළ යුතු බවත් සහෝදරයෙක් දුන්නා යැයි පවසා ලිස්සා යාමට ඉඩදිය යුතු නැති බවත් දිලිත් ජයවීර ප්‍රකාශ කළේ කුරුණෑගල එම පක්ෂ සමුළුව අමතමිණි.