වනාතවිල්ලුව වැනසූ අපරාධකාරයින්ට කිසිම සමාවක් නෑ! – පරිසර ඇමති

September 8, 2020 at 12:38 pm | by emanisa.lk

පුත්තලම වනාතවිල්ලූව පිහිටි සිමෙන්ති සංස්ථාවට අයත් අක්කර සියයකට වැඩි විශාල ඉඩම විනාශ කිරීම හා එය බදුගත් පුද්ගලයාට සම්බන්ධයෙන් විමර්ශන කර ඔහුට දඬුවම් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අදාළ නිලධාරින්ට දැනුම් දුන් බව පරිසර ඇමැති මහින්ද අමරවීර පවසයි.

යහපාලන ආණ්ඩුව සමයේ එක් එක් දේශපාලනඥයන්ගේ අවශ්‍යතා අනුව වනාතවිල්ලුව ප‍්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගත්තත් පොදුජන පෙරමුණ ආණ්ඩුව මේ ආකාරයට ඉඩම් අත්පත් කරගෙන පරිසරයට හානි කිරීමට කිසිසේත් ඉඩ නොතබන බව කී ඇමැතිවරයා සිමෙන්ති කම්හලට අයත් මෙම විශාල ඉඩම අත්පත්කර ගත් පුද්ගලයාට කිසිදු සමාවක් නොලැබෙන බවද කීවේය.

මෙම විශාල ඉඩම අත්පත් කර ගැනීමේ සිද්ධිය හෙළි කිරීම පිළිබඳව මාධ්‍යයට ස්තුති කරන බවද ඇමැතිවරයා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස