යාපනේ හාල් කිලෝව රු. 70යි…පරිප්පු 350යි..! ඉන්දියානු ආහාර බෝට්ටුවෙන් උතුරට…!

July 3, 2022 at 7:08 am | by emanisa.lk

උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ බොහෝ ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය හිඟයක් තිබුණත් උතුරු පළාතේ හාල්, පරිප්පු කහ වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඉන්දියානු මිලට ඕනෑතරම් මිල දී ගැනීමට ඇති බව වාර්තා වෙයි.

සහල් කිලෝවක් රුපියල් 70 – 100 ත් අතර මිලකටත්, පරිප්පු කිලෝවක් රුපියල් 350 – 400ත් අතර මිලකටත් කහ කිලෝවක් රුපියල් 1200 ත් 2000 ත් අතර මිලකටත් යාපනය හා මන්නාරම කේන්ද්‍රගතව අලෙවි වන බව ද ආරක්ෂක අංශ විසින් තොරතුරු අනාවරණය කරගෙන ඇත.

උතුරේ ධීවරයින් එම ආහාර ද්‍රව්‍ය මුහුදු සීමාවේදී ඉන්දීය ධීවරයන්ගෙන් මිල දී ගෙන සූක්ෂ්ම ලෙස ගෙනවිත් තැරවුකරුවන් හා ව්‍යාපාරිකයින් වෙත අලෙවි කිිිිරීම ඊට හේතුවයි.

ඉන්දීය ධීවරයින් ට්‍රෝලර් යාත්‍රා 1500 කින් පමණ සතියේ සඳුදා, බදාදා සහ සෙනසුරාදා දිනවල මෙරට මුහුදු සීමාවට සහ ආසන්න සීමාවට පැමිණෙන බවත් එම යාත්‍රා මගින් තොග පිටින් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය වන බවත් වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *