යාපනය සහ ඉන්දියාව අතර ඍජු ප්‍රවාහන සේවා..! ඩොලර් මිලියන 45ක් කන්කසන්තුරේ වරාය අලුත්වැඩියාවට…!

June 19, 2022 at 12:28 pm | by emanisa.lk

කන්කසන්තුරය වරායේ සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව ඇමෙරිකානු ඩොලර් මිලියන 45ක ණය මුදලක් ලබා දී තිබේ.

ඒ අනුව කන්කසන්තුරය වරාය කඩිනමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ වරාය සංවර්ධනය කිරීමෙන් අනතුරුව ඉන්දියාවේ සිට සෘජුව ම භාණ්ඩ ප්‍රවාහන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවයි.

ඉන්දියාවේ සිට කොළඹ වරායට භාණ්ඩ ප්‍රවාහනයට වඩා එය වාසිදායක බවයි, ඇමැතිවරයා පෙන්වා දුන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *